ලංකාවේ ආර්ථික අර්බුධය රාජපක්ෂලාගේ වැඩ බැරිකම හින්ද දරුණු වේවි යන අතරේ ලෝකය පුරාම උග්‍ර ආහාර සහ පොහොර අර්බුධයක් හට ගෙන තියනවා. පොහොර මිල කොච්චර ඉහල ගිහින් තියනවද කිව්වොත්, සල්ලි තියන රට දියුණු තත්වයක වුනත් අපිට ලෝක වෙළද පොලෙන් පොහෝර දරන්න පුළුවන් මිලකට ගන්න බැරි වෙනවා. ගත්තත් අපිට එ පොහොර වලින් යන්තම් හෝ ලාබයක් ලැබෙන්න වගාවක් කරන්න බැරි වෙනවා. එක නිසා නිසි ප්‍රමිතියකින් යුතු රසායනික පොහොර නිසි මාත්ත්‍රාවන්ගෙන් භාවිතා කරන්න විදිහක් හදා ගත්තත් මදි වෙන පොහොර ප්‍රමාණය දේශීයව හදා ගන්න වෙනවා. සියලු ගොවි සමිති තමන්ට අවශ්‍ය පොහොර පුළුවන් උපරිමයෙන් හදන්න උත්සහ ගන්න ඕනේ. මීට අමතරව, පස් ටිකක් මල්පොච්චියක තියන තට්ටු නිවාසයක ඉදල ගමේ වත්ත පිටිය ඉඩ තිබෙන ගෙදරක් දක්වා සියලු දෙනාම ගෙවතු වගා සංග්‍රාමයක් පටන් ගන්න ඕනේ.

අපි වහ වහාම එළවලු වර්ග 5-6 තියන ගෙවතු වගාවන් පටන් ගන්න ඕනේ. ප්‍රෝටීන අධික දඹල වගේ දැ වගේම ලෙහෙසියෙන් හැදෙන වට්ටක්කා , තක්කාලි, වම්බටු වගේ එළවලු වර්ග දැනටමත් ඔබේ කුස්සියේ තිබෙන එළවලු වල ඇට භාවිතා කරලා වවන්න පුළුවන්. තේ කුඩු මේවට ඉතා හොද පොහොරක්. එවිට තව මාස 2-3 ඇතුලත අපිට ආහාරයට ගත හරි බොහෝ දැ අපේ ගෙවත්තේම සැදී අවසන්. අපේ සම්ප්‍රදායක අල වර්ග මේ වැඩේට විශිෂ්ටයි. සේරටම වඩා පුරුතුගිසින්ට එරෙහිව අපිට යුද්ධ කරලා පරාජය කරවන්න ශක්තිය සැපයු කොස් පොලොස් අමතක කරන්න බැහැ . ඒකාලයේ ලෝක බලවතා වෙච්ච පරන්ගියට ගහපු කොස් පොලොස් වලට අපේ පන රැකලා දෙන්න පුළුවන්. ඔබ සතුව ඉඩකඩ තිබෙනවානම් වැඩිපුර වවන්න. එවිට අවට සිටින ඉතා දුප්පත් පවුල් වලට උපකාර කිරීමට හැකිවේවි. සහන මිලකට හුවමාරු කරගන්නත් පුළුවන් වේවි.

මේක අමුතු, අමාරු දෙයක් නෙමේ. දැන්වත් අපිට ආහාරයට ගත හැකි දේ වැවීමට නොගත හොත්, ඉදිරි සති සහ මාස කිහිපය ඇතුලේ ලක්ෂ ගණනක් මිලියන ගණනක් ලක්වාසීන්ට කුසගින්නේ සිටීමට හාමත් සිදු වෙන්නට වෙනවා. තම තමන් වගා කරන වැඩි දේ අසල්වාසීන් සමග හුවමාරු කරගන්න වගේම ගම මට්ටමෙන් විකිනිමටද පුළුවන්. එතකොට රටේ සමස්ත ආර්ථිකය කඩාගෙන වැටුනත්, අපට රටක්, ජන සමාජයක්, ජාතියක් වශයෙන් ගම මට්ටමෙන් රැකෙන්නට මේ නිසා පුළුවන්. ඉඩ කඩ නැත්තනම් මල් පෝච්චි වලත් වග කරන්න. විස පිරිච්ච ආක්‍රමණික ශාක ලස්සනට වැව්වට ඒවා කන්න බැහැනේ.

රජය සහ ලංකාවේ තිබෙන ඉතාම ශක්තිමත් සමුපකාර සංවිධාන වලට මේ වැඩේට නායකත්වය දෙන්න පුළුවන්. ඇත්තටම රජයට කෘෂි කටයුතු සහ ප්‍රවාහන කටයුතු වලට අවශ්‍ය ඉන්ධන ඉතාම සහන මිලකට දීල පොදු ප්‍රවාහනය නොමිලයේ දෙන්න පුලුවන්නම් ග්‍රාමීය ආර්ථිකය කඩ වැටීම බොහෝ දුරට වලක්වන්න පුළුවන්. ගම් මට්ටමෙන් සමුර්ධි කණ්ඩායම් මෙන්ම, කාන්තා සමිති, සණස සමිති, සර්වෝදය සමිති වලට මෙයට මුලිකත්වය දෙන්න පුළුවන්. රජයට පුළුවන්, නොමිලයේ ඇට වර්ග ලබා දෙන්න වගේම, කුඩා බැංකු වලට කියන්න පුළුවන් මේ සදහා නැවත අය කර නොගන්න කුඩා මුදලක් ප්‍රදානයක් වශයෙන් දෙන්න කියල වග කටයුතු සහ පෑමක් බවිත කල හැකි ආකාරයට. තව, ඔවුන්ට පුළුවන් මෙසේ වගා කරන කුඩා ගෙවතු ගොවිපලවල අස්වැන්නේ වැඩි හරිය ගම ඇතුලෙම විකුනන්න ක්‍රමයක් හදල දෙන්න පුළුවන්. ගමේ ඉන්න කිරි ගවයන්ගේ කිරි ගමේ පරිබෝජනයට විකුනන්න පටන් ගන්නත් පුළුවන්. නව තාක්ෂනය භාවිතා කරලා mobile app එකක් හදල දෙන්නත් ඕනෙනම් පුළුවන්. ගොඩක් ලෙඩ වසංගත බෙහෙත් වලින් හොද කරන්න බැහැ . හොද නිවැරදි ආහාර රටාවක් වගේම ජීවන රටාවක් භාවිතා කරලා ක්‍රමානුකුලව ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම පමණි කල හැක්කේ. සිංහල ආහාර සංස්කෘතිය සහ වෙද හෙද කම ඉතාම දියුණු ක්‍රම භාවිතා කරලා කලෙත් මෙයම තමා. අපේ රටේ අනාගතය දැන් සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ අපේ උරුමය මොකද්ද, අපි යන්න ඕනේ කොහාටද කියල අවභෝදයක් ඇතුව වැඩ කරනවද නැද්ද කියන එක මත බව පමණක් හිතේ තියා ගන්න. මුදල් හිග කම වලක්වන්න ඕනෙනම් මේ අර්බුධය අවස්ථාවක් කරගෙන විද්‍යුත් මුදල් ඒකකයක් (Digital currency )හදුන්වාදෙන්න පුළුවන්, එතකොට උදමනය පාලනය කරන්න පහසු වෙනවා වගේම ඕනෙම දුප්පත් කෙනෙකුට ඉතාම සහන මිලකට පෝෂදයි අහර වේලක් ගන්න හැකියාවක් ලැබෙනවා.

අවාසනාවකට අපි කන ගොඩක් දේවල් ගෙන්නන්නේ පිට රටින්. විශේෂයෙන්ම ඉන්දියාවෙන්.

විදෙහ්ස විනිමය නැති හින්ද සහ තව දුරටත් ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් අනුව ආනයන ලිහිල් කරලා ඉහල පන්තියට අවශ්‍ය සුපොපබෝගී දේවල් ගෙන්න ඉඩ දෙන්න අපේ තියන මුදල් ටිකත් වැය වෙනවා. මේ නිසා අපට තව දුරටත් ඉන්දියාවෙන් ආහාර වර්ග ආනයනය කිරීමට බැහැ අපට පරම්පරා ගණනක් වස කිරි විකුණු නවසිලන්තයෙන් වස නැති කිරි වුවත් තව දුරටත් ගෙන්න මුදල් නැති වෙනවා. එකනම් ඇත්තටම හොද දෙයක්. මොකද අපට උන්ගේ වස කිරි ඕනේ නැති නිසා. ඕනෙමනම් අර තක්කඩි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඒවා පොවන්න පුළුවන්. ඔය වියදම් කරන මුදල් අපිට පුළුවන් මට්ටමක දේශීයව කිරි නිෂ්පාදනය ඉහල දමා වෙන ප්‍රෝටීන ලබා ගන්න ක්‍රම වලට ආයෝජනය කරන්න පුළුවන්.

ලොව ප්‍රධාන කෘෂි නිෂ්පාදක රජයන් ගණනක් තම ආහාර නිෂ්පාදන අපනයනය සිමා කර තිබෙනවා. අපේ රටේ ආර්ථිකය දැනටමත් තිබෙන්නේ ඉතා අනතුරු දායක තැනක . අපි ගන්න වස පිරුණු ආහාර නිසා අපේ ප්‍රතිශක්තිකරණය හොදටම පල්ලෙහාට බැහැල. පැරණි කාලයේ තිබු පරිදි වස විසෙන් තොර ආහාර ටිකක් අපිම වගා කර ගත්තොත්, බඩගින්න නැති කරගන්නවා වගේම අපේ ප්‍රතිශක්තිකරණයත් වැඩි කරගන්න පුළුවන්.

අපිට ඉන්ධන රටට ගෙන්න පවා මුදල් නැති වෙලා ගෙන ඉන්දන වල ඉතාම මිල ඉහල ගිහින්. කෝටිපති වියපරිකයෙකුට වියදම් කරන්න පුළුවන් ගානට දෙවලක් කාල බඩ වියත රැක ගන්න මිනිසුන්ටත් තෙල් ගන්න වෙලා. මෙහෙම ගියොත්, නුවරඑළියේ හදන එළවලු අපිට ගෙන්න අමාරු වෙනවා. මේ නිසා ඉදිරි වසර දෙක ගැන දැම්ම හිතල පැරණි එකිනෙකට ජාල ගතවෙච්ච වැව් පද්ධතිය නැවත හදන්න පටන් ගන්න ඕනේ. මාධයගත කෘෂි නිෂ්පාදනය වෙනුවට සියලු ගම් නගර වල ආහාර නිෂ්පාදනය කරන එම නිෂ්පාදන බෙදාහරින විමධ්‍යගත වැඩ පිළිවෙලකට අපි යන්න ඕනේ.

මේ කරුමය වාසනාවක් බවට පත් කරගෙන, අපි කන සියලු දේ අපිම ගම මට්ටමෙන් හදා ගත්ත පැරණි ක්‍රමයට ගියේ නැත්තන් අපිට ඉස්සරහට බඩගින්නේ මැරෙන්න තමා වෙන්නේ. හොදට මතක තියාගන්න ඕන කරණය නම් ග්‍රාමීය ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැතුව ඉතාම ශක්තිමත් තැනකට ගෙනිච්චොත් ග්‍රාමීය මට්ටමේ තිබෙන කුඩා කර්මාන්ත දියුණු ක්‍රම අපනයන වැඩි කරන්න පුළුවන්. ලෝකේ නැගිට්ට සියලු රටවල් එහෙම තම සංවර්ධනය වුනේ.

අපි මතක තියාගන්න ඕනේ, මේ ආර්ථික ප්‍රශ්නය කියන්නේ දේශගුණ විපර්යාසය නිසා ඉදිරියේදී එන්න නියමිත මහා වසංගත සහ ආර්ථික සුනාමි එක්ක බලනකොට පුස් පැටියෙක්. බඩගින්නේ මැරිලා යනවද, සුද්දටත් උන්ගේන උරුම වෙච්ච ආනයන මත රැදිච්ච ආර්ථිකයත් එකේ පිහිටෙන් අපිව හුරගෙන කාපු ලංකාවේ හම කළු මනසින් සුදු කොම්ප්‍රදෝරු තක්කඩි ටිකට බම්බු ගහගන්න කියල අපේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කරලා රැකෙනවද කියන එක ඔබට බාරයි .

සංඛ චන්දිම අභයවර්ධන 25 04 2022

25/03/2020 මා විසින් ලියු ලිපියක් ඇසුරෙන් නැවත සකස් කරන ලදී. ජායාරුපය mahamegha වෙතින් උපුටා ගන්න ලදී.